බෙල්ජියමේ පිලිප් රජු ඉන්දියාවේ



බෙල්ජියමේ පිලිප් රජු සහ මැඩිල්ඩා රැජින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර බලා පැමිණියහ.

රාජකීයයන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කළේය. ඉන්දීය ජනපති මන්දිරයේ දී, රාජකීය යුවළ වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් ද පැවැත්විණි.

බෙල්ජියම සහ ඉන්දියාව අතර සබඳතා තර කර ගැනීමේ අරමුණින් පිලිප් කුමරු සහ ඉන්දීය අගමැති මෝදි අතරේ සාකච්ඡා පැවැත්වුණු බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS