බෙලරූස් ජනාධිපති උතුරු කොරියාවට ඇවිත්

බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ උතුරු කොරියාවේ නිල සංචාරයකට එක් විය. යොංග්යැංග් අගනුවරට පැමිණි බෙලරූස් ජනාධිපතිවරයාට උතුරු කොරියා නායක නිම් ජොන් උන්ගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
බටහිර සම්බාධකවලින් මිරිකී සිටින උතුරු කොරියාව, අසල්වැසි රුසියාව සමඟ යහපත් සබඳතා පවත්වයි. බෙලරූසය ද රුසියාවේ අසල්වැසියෙකි. කිම් ජොන් උන් සහ ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කේ අතරේ මිතුදම් පවතින්නේ පුටින් නිසාය.
උතුරු කොරියාව සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීමේ අරමුණින් ලුකෂෙන්කෝ මෙම නිල සංචාරයට සහභාගී විය.

