බෙලරූස් ජනපතිට පුටින්ගේ සහාය

ජනාධිපතිවරණයෙන් පසු රට නොසන්සුන් වී ඇති බැවින්, ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තමන්ට සහාය පළ කිරීමට කැමැත්ත දක්වා ඇතැයි බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ පවසා ඇත.
වසර 25 ක් තිස්සේ බෙලරූසයේ ජනාධිපති ධුරය හොබවන්නේ, ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ය. පසුගිය ජනාධිපතිවරණයෙන් ද ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ජයග්‍රහණය කළේ සියයට 80 ක ඡන්ද ප්‍රතිශතයක් ද සමගිනි.
ජනාධිපතිවරණය දූෂිත බවත්, ප්‍රතිඵලය තමන් පිළිනොගන්නා බවත් යුරෝපා සංගමය පවසා ඇත. බෙලරූසයේ මින්ස් අගනුවර කේන්ද්‍රකොට ගනිමින් ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටින විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල විරෝධතා ද උත්සන්න වීමට පටන්ගෙන තිබේ. විපක්ෂ ක්‍රියාකාරීන් දහස් ගණනින් මින්ස් අගනුවර විරෝධතා පවත්වන අතර, පොලිසියෙන් ඔවුන්ට බාධා එල්ල වෙයි. 1,000 කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවේ පසුවන බව ද වාර්තා වේ.
බෙලරූසය සෝවියට් සමූහාණ්ඩුව පැවැති සමයේ, එහි කොටසක් විය. රුසියන් ජනාධිපති පුටින් සහ ලුකෂෙන්කෝ අතරේ පවතින්නේ ශක්තිමත් මිත්‍රත්වයකි.
බෙලරූස් රාජ්‍යයේ පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීමට නොහැකි යැයි පවසා ඇත්තේ යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ප්‍රධානියා ලෙස කටයුතු කරන ජොසෆ් බොරෙල් ය. යුරෝපා සංගමය, යුරෝපා රටවල් 27 ක සාමාජිකත්වයෙන් යුක්තය.
මේ අතර බෙලරුසියාවේ අසල්වැසියන් වන පෝලන්තයේ සහ ලිතුවේනියාවේ නේටෝ හමුදා යුද අභ්‍යාස ආරම්භ කර ඇත. නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය මෙසේ යුද අභ්‍යාස ආරම්භ කර ඇත්තේ, බෙලරුසියාවේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනපති ලුකෂෙන්කෝට විරෝධය දක්වමිනි.
නේටෝ හමුදාව බෙලරූසය ආක්‍රමණය කිරීමට සූදානම් වෙනවා යැයි ජනාධිපති ලුකෂෙන්කෝ පවසා ඇති අතර, බෙලරුසියාවේ දේශසීමාවේ ගුවන් හමුදා ප්‍රහාරක යානා සීරුවෙන් තැබීමට ද ජනාධිපති ලුකෂෙන්කෝ අණ දී තිබේ.
මින්ස්ක්හිදීය (ඒ.එෆ්.පී.)

