බුල්බුල් බංග්ලාදේශයට



බෙංගාල බොක්කෙන් වර්ධනය වූ බුල්බුල් සුළි කුණාටුව බංග්ලාදේශයට කඩා වැදී ඇතැයි පැවැසෙයි.

මේ වනවිට ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවලට ද දැඩි වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බව වාර්තා වේ.

බුල්බුල් සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 120 කට වඩා වැඩි වේගයකින් හමා ආ බව ද බංගලදේශ කාලගුණ විද්‍යාඥයෝ පවසති. වෙරළාශිත ප්‍රදේශවල ලක්ෂ ගණනක් වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS