බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව කල්දැමීම නීති විරෝධීයි



බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව සති පහකට අත්හිටුවීමට අගමැති බොරිස් ජොන්සන් කටයුතු කිරීම නීතිවිරෝධී යැයි බි‍්‍රතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ අගමැතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් ප‍්‍රතිවාදීන් කළ පැමිණිල්ල සැලකිල්ලට ගනිමිනි.

අගමැති ජොන්සන් සති පහකට පාර්ලිමේන්තුව කල් දැමීම කළේ මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය කිසිදු ගනුදෙනුවකින් තොරව සිදු කිරීමේ අරමුණින්ය.

(බී.බී.සී.)


RECOMMEND POSTS