බි්රතාන්ය ගුවන් නියමුවා බේරාගන්න සටනක්

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන වියට්නාම ජාතික ගුවන් සේවයේ ගුවන් නියමුවකුගේ දිවි බේරා ගැනීමට වියට්නාම වෛද්‍යවරුන් පැය 24 පුරා මහත් පරිශ්‍රමයක් දරණ බව පැවැසෙයි.
43 හැවිරිදි මෙම ගුවන් නියමුවා 91 වැනි රෝගියා යනුවෙන් සෞඛ්‍ය බලධාරින් නම් කර තිබේ. වියට්නාමයෙන් මේ වනවිට කොවිඞ් 19 ආසාදිතයන් 288 ක් වාර්තා වි ඇත.
කෙසේ නමුත් කිසිදු මරණයක් වාර්තා වන්නේ නැත. ගුවන් නියමුවාට වයිරසය ආසාදනය වී ඇත්තේ හෝ චිං මින් නගරයේ තැබෑරුමකදී බව සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී තිබේ.
හැනොයි (රොයිටර්)

