බි්රතාන්ය අගමැතිනිය බෙල්ජියමේ

මහා බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් ‘බි්රක්සිට්’ සම්බන්ධයෙන් සකසන ලද පනත් කෙටුම්පත යුරෝපා සංගමයට ඉදිරිපත් කිරීමට බි්රතාන්ය අගමැතිනී තෙරේසා මේ බලාපොරොත්තු වෙයි.
අගමැතිනී තෙරේසා මේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට පැමිණ යුරෝපා සංගමයේ නිලධාරීන් හමුවී මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡුා පැවැත්වීය.
‘බි්රක්සිට්’ සම්බන්ධයෙන් විශේෂ සමුළුවක් පැවැත්වෙන අතර බි්රතාන්යය සකස් කරන ලද පනත් කෙටුම්පත ඊට ඉදිරිපත් කිරීමට නියමිතය.
බ්‍රසල්ස් නුවරට පැමිණි බි්රතාන්ය අගමැතිනිය පිළිගනු ලැබුවේ යුරෝපා කවුන්සිල ප්‍රධානී ඩොනල්ඞ් ටක්ස් විසිනි. අගමැතිනී තෙරේසා මේ සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡුා පැවැත්වීමෙන් පසු ටස්ක් කියා සිටියේ, බි්රතාන්යය සකස් කළ පනත් කෙටුම්පතට යුරෝපා සංගමයේ අනුමැති හිමිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවය.
මහා බි්රතාන්යය යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට නියමිතව ඇත්තේ ලබන 2019 වසරේ මාර්තු 29 වැනිදාය. මහා බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු ද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනමත විමසුමක් පැවැත්වූයේ 2016 වසරේ ඬේවිඞ් කැමරන් බි්රතාන්ය අගමැති ලෙස කටයුතු කරද්දීය.
අගමැති කැමරන් එම අවස්ථාවේදී තරයේ කියා සිටියේ යුරෝපා සංගමයෙන් මහා බි්රතාන්යය ඉවත් නොවිය යුතු බවය. කෙසේ නමුත් බි්රතාන්ය වැසියන්ගෙන් සියයට 51.9 ක් ඡුන්දය ප්‍රකාශ කළේ යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුයි කියාය. ඒ අනුව, කැමරන්, බි්රතාන්ය අගමැති ධුරයෙන් ද ඉවත් විය. පාලක කොන්සවර්ටිව් පක්ෂය අගමැති ධුරය සඳහා තෙරේසා මේ පත් කිරීම සිදුවූයේ ඒ අනුවය.
මහා බි්රතාන්යයට අසුරු සැණින් යුරෝපා සංගමයෙන් ඉවත් විය නොහැකිය. යුරෝපා සංගමය සහ බි්රතාන්යය අතර මෙම ‘ඉවත් වීම’ සම්බන්ධයෙන් 2016 වසරේ සිට මේ දක්වා දිගින් දිගටම සාකච්ඡුා පැවැත්වීම සිදුවිය. ඒ, වාද විවාද මධ්‍යයේය.
බි්රතාන්යය ඔවුන් විසින් සකස් කරනු ලැබූ පනත් කෙටුම්පත යුරෝපා සංගමයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට අනුමැතිය හිමිවුවත්, එය ඉන්පසු බි්රතාන්ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කළ යුතුව ඇත. එහිදී ඊට විරෝධයක් එල්ල වීමේ අවදානමක් පවතින බව බි්රතාන්ය දේශපාලන විශ්ලේෂකයො පෙන්වා දෙති.
(ඒ.එෆ්.පී.)

