බි්රතාන්යයේ හදිසි මැතිවරණයක් නෑ

මහා බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් ‘බ්‍රෙක්සිට්’ කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව පරාජය වීමත් සමඟ ලබන ඔක්තෝබර් 15 වැනිදා හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට බි්රතාන්ය අගමැති බොරිස් ජොන්සන් තීරණය කළ නමුත් ඊට ද විරෝධයක් එල්ල විය.
අග්‍රාමාත්‍යවරයා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී, ඊට ඔහුගේ කොන්සවර්ටිව් පක්ෂයෙන් පමණක් නොව, විපක්ෂය වන කම්කරු පක්ෂයෙන් ද විරෝධය එල්ල විය.
මහා බි්රතාන්යය යුරොපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය ලබන ඔක්තෝබර් 31 වැනිදාට පෙර සිදු කළ යුතුව ඇත. අගමැති ජොන්සන් ඔහුගේ බ්‍රෙක්සිට් යෝජනාව සකස් කර ඇත්තේ කිසිදු ගිවිසුමකින් හෝ එකඟතාවයකින් තොරව මහා බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීමටය.
ගිවිසුමකින් තොරව මහා බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත් වුවහොත්, බි්රතාන්යයට වරප්‍රසාද රැසක් අහිමි වෙයි. ගිවිසුමක් ඇති කරගතහොත්, දේශසීමා, තීරු බදු ආදිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයට වාසි අයුරින් එකඟතාවකට යෑමට හැකිවනු ඇත.
අගමැති ජොන්සන් පසුගිය දා නව බ්‍රෙක්සිට් යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී, ඊට විරෝධය එල්ල වූයේ පාලක කොන්සවර්ටිව් පක්ෂයේ මන්තී‍්‍රවරුන් 21 දෙනකුගෙන් යුත් කැරැුලිකාර කණ්ඩායමෙනි. ඡන්දය විමසූ අවස්ථාවේදී නව බ්‍රෙක්සිට් යෝජනාවට එරෙහිව ඡන්ද 328 ක් හිමිවුණු අතර යෝජනාවට පක්ෂව හිමිවූයේ ඡන්ද 301 ක් පමණි.
එම කැරැලිකාර මන්තී‍්‍රවරුන් 21 දෙනාට දොස් නගමින්, අගමැති ජොන්සන් කියා සිටියේ කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම හැර තමන්ට වෙන විකල්පයක් නොමැති බවය. ඒ අනුව, ඔක්තෝබර් 15 වැනිදා මහ මැතිවරණයකට යෑමේ යෝජනාව අගමැති ජොන්සන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඊට පාලක කොන්සවර්ටිව් පක්ෂයෙන් පමණක් නොව, ප්‍රධාන විපක්ෂය වන ජෙරමි කොර්බින්ගේ කම්කරු පක්ෂයෙන් ද විරෝධය එල්ල විය. ඒ අනුව, අගමැති ජොන්සන්ට හදිසි මැතිවරණයක් පැවැත්වීමට ද නොහැකි වෙයි.
මැතිවරණයක් පැවැත්වීම වැළැක්වීමට, බහුතරය ඡන්දය ලබා දීමෙන් පසු අගමැති ජොන්සන් ඔහුගේ කොන්සවර්ටිව් පක්ෂ මන්තී‍්‍රවරුන්ට පමණක් නොව විපක්ෂ නායක ජෙරමි කෝර්බින්ට ද දෙහි කපන්න විය. ‘ලෝක ඉතිහාසයේ මැතිවරණයක් එපා කියන පළමු විපක්ෂ නායකයා තමයි ජෙරමි කෝර්බින්. ඔහු හැමදේම අවුල් කරනවා. ඔහු මැතිවරණයකට යෑමට බියක් දක්වන්නේ ඔහුට දිනන්න නොලැබෙන බව දන්නා හින්දයි’ යැයි අගමැති ජොන්සන් කියා සිටියේය.
ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)

