බිහාර්-උත්තර ප්‍රදේශ් ජලයෙන් යටවෙයි

ඇදහැලෙන මෝසම් වැසි හේතුවෙන් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේත්, බිහාර් ප්‍රාන්තයේත් ප්‍රාදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවත් ගතවුණු දින කිහිපය පුරාවට පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.
වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙනි. උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් පවසා ඇත්තේ 93 දෙනකු මියගොස් ඇති බවය. බිහාරයේ මියගිය ගණන 23 ක් යැයි පැවැසෙයි. ප්‍රධාන නගරවල ගමනාගමන කටයුතු මුළුමනින්ම පාහේ අඩපණ වී ඇත. පාසල් සහ කාර්යාල වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. පැට්නා නුවර මුළුමනින්ම පාහේ ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ.
ජල ගැලීම් හේතුවෙන් නිවාස අහිමිවුණු දහස් ගණනක් උත්තර ප්‍රදේශ් සහ බිහාර් ප්‍රාන්ත වැසියන් වෙනුවෙන් සහන කඳවුරු පිහිටුවා ඇති බවත්, හමුදාවේ ද සහාය ඔවුන්ට ලබා දී ඇති බවත් ප්‍රාන්ත බලධාරීහු පවසති.
බෝපාල්හිදීය (ඒ.එෆ්.පී.)

