බිරිඳගෙන් කොරෝනා බෝවෙලා



තායිවානයේ 50 හැවිරිදි පුද්ගලයකුට චීනයේ සිට පැමිණි සිය බිරිඳගෙන් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, තායිවානය තුළ කොරෝනා වයිරසය ආසාදනය වූ පළමු තැනැත්තා මෙම පුද්ගලයා බව එරට සෞඛ්‍ය අමත්‍යාංශය නිවේදනය කර තිබේ.

මෙම පුද්ගලයාගේ බිරිඳ නිවාඩුවකට වූහාන් නුවරට ගොස් පැමිණි තැනැත්තියකි. තායිවානයට පැමිණීමෙන් පසු අසනීප වූ ඇය රෝහල් ගත කර තිබේ. පරීක්ෂණවලින් අනාවරණය වූයේ ඇයට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවය.

තායිවාන සෞඛ්‍ය බලධාරීහු ඇය වෙන් කර තැබුණු අතර, සැමියා ගැන විමසිල්ලෙන් පසුවූහ. සැමියාගෙන් රෝග ලක්ෂණ පහළවීමට පටන් ගත් සැණින් ඔහු ද වෙන් කර තැබීමට පියවර ගත් බව ද පැවැසෙයි.

තායිවානය යනු කලක් චීනයට අයත් දූපතකි. දැන් එය වෙනම රාජ්‍යයක් ලෙස සැලකෙයි.

තායිපේහිදීය (රොයිටර්)


RECOMMEND POSTS