බැග්ඩෑඩි මැරුණේ බෝම්බ කබාය පිපිරිලා



අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මියගියේ සිරියාවේ ඉඞ්ලිබ් පළාතේදී බවත්, මරණය සිදුවී ඇත්තේ ඔහු පැළඳ සිටි මරාගෙන මැරෙන බෝම්බ කබාය පිපිරීයාමෙන් බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

‘අති විශේෂ වැදගත් ප්‍රකාශයක් කරන්න තිබෙනවා’ යැයි ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම හරහා පවසමින්, බැග්ඩෑඩිගේ මරණය සම්බන්ධ පුවත ප්‍රසිද්ධියට පත් කළේය.

බෝම්බ කබාය පුපුරා යද්දී, ඇමෙරිකන් හමුදා මැදිහත්වීමෙන් අල් බැග්ඩෑඩි සැඟවී සිටි තිප්පොලට ප්‍රහාරයක් එල්ල වූ බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා කියයි. මියයන අවස්ථාවේදී අල් බැග්ඩෑඩි සිරියාවේ ඉඞ්ලිබ් පළාතේ උතුරින් පිහිටි බරිෂ්සා නගරයේ සැඟවී සිටි බව ඇමෙරිකන් බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS