බැග්ඩෑඩ් නුවර බෝම්බ ප්‍රහාර දෙකකින් 28 දෙනකුට වැඩි පිරිසක් මරුට



ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර සිදු වූ බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 28 දෙනකුට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 

බැග්ඩෑඞ් නුවර අල් සිනාක් වෙළෙඳපොළ තුළ මෙම පිපිරීම් සිදු ව ඇති අතර ඉන් 50කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. කාර්යබහුල වෙළෙඳපොළක් වන අල් සිනාක් හි එකකට පසු එකක් ලෙස පිපිරීම් සිදු ව ඇත. 

එක් බෝම්බයක් වෙළෙඳපොළේ පිහිටි මෝටර් රථ අමතර කොටස් වෙළෙඳසැලක් ආසන්නයේ පිපිරී ගොස් ඇති අතර අනෙක් බෝම්බය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මරාගෙන මැරෙන බෝම්ප ප්‍රහාරය එල්ල වී ඇත්තේ ජනතාව රැස් ව සිටින ස්ථානයකටය. 

බැග්ඩෑඞ් අගනුවරට නිරන්තරයෙන් ප්‍රහාර එල්ල වන අතර විශේෂයෙන්ම ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල වෙයි.
මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල පැළැඳ සිටි තම සටන්කාමීන් දෙදෙනකු ප්‍රහාර එල්ල කළ බව නිවේදනයක් නිකුත් කරමින් අයි.එස් ත්‍රස්ත සංවිධානය ප්‍රකාශ කළේය. 


රොයිටර්


RECOMMEND POSTS