බ්‍රෙට් කැවනා දිවුරුම් දෙයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලෙස නම් කළ, ආන්දෝලනාත්මක චරිතයක් ලෙස බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු බ්‍රෙට් කැවනා එම ධුරයේ දිවුරුම් දුන්නේය.
53 හැවිරිදි කැවනාගේ දිවුරුම් දීම සිදුවූයේ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට සුදුසු යැයි සෙනෙට් මණ්ඩලය තීරණය කිරීමත් සමඟය. කැවනා වෙනුවෙන් ඡන්ද විමසුමක් පැවැත්වුණු අතර 50 දෙනකු ඔහුට කැමැත්ත ලබා දී තිබුණු අතර විරෝධය දැක්වූ ගණන 48 කි.
තරුණියකට ලිංගික හිරිහැර සිදු කළේ යැයි කැවනාට චෝදනා එල්ල වී තිබෙන අතර, පසුගිය කාලය පුරාවට ඔහු සම්බන්ධයෙන් එෆ්.බී.අයි. විමර්ශනයක් පැවැත්විණි. එපමණක් නොව, විශේෂ සෙනෙට් කමිටුවක් හමුවේ පෙනී සිටිමින්, එම කමිටුව ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු දීමට පවා කැවනාට සිදුවිය.
(ඒ.එෆ්.පී.)

