බ්‍රෙක්සිට් යෝජනාව සම්මත වුණොත් ධුරයේ ඉන්නේ නෑ

තමන් සකස් කළ ‘බ්‍රෙක්සිට්’ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වුණොත්, එම අවස්ථාවේදීම තමන් අගමැති ධුරයෙන් සමුගන්නා බව බි්රතාන්ය අගමැතිනී තෙරේසා මේ පැවැසුවාය.
අගමැතිනී තෙරේසා මේ මෙසේ කියා සිටියේ ඇගේ කොන්සවර්ටිව් පක්ෂ සාමාජිකයන් හමුවෙමිනි. අගමැතිනී තෙරේසා මේ, යුරෝපා සංගමයේ සාමාජිකයන් සමඟ සාකච්ඡා පවත්වමින් සකස් කළ ‘බ්‍රෙක්සිට්’ ගිවිසුමට විපක්ෂයෙන් පමණක් නොව, අගමැතිනියගේ කොන්සවර්ටිව් පක්ෂයෙන් ද විරෝධයක් එල්ල වී ඇත.
මහා බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙට (29) සිදුවිය යුතුය තිබුණි. කෙසේ නමුත් බ්‍රෙක්සිට් යෝජනාව සම්මත කර ගැනීමට හෝ එම යෝජනාව සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වූ හෙයින්, ලබන අපේ‍්‍රල් 12 වැනිදා තෙක් යුරෝපා සංගමයෙන් කල් ඉල්ලා ගැනීමට බි්රතාන්ය රජය සමත් විය. ඒ අනුව, අපේ‍්‍රල් 12 වැනිදාට පෙර, අගමැතිනී තෙරේසා මේ ඇගේ යෝජනාවලිය පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුතුය ඇත.
බ්‍රෙක්සිට් යෝජනාව සම්මත වුවහොත්, තමන් ධුරයෙන් ඉවත් වෙනවා යැයි අගමැතිනී තෙරේසා මේ කළ ප්‍රකාශයත් සමඟ යෝජනාවට විරෝධය දැක්වූ කොන්සවර්ටිව් පකෂ සාමාජිකයන් පවා පවසා ඇත්තේ තමන් බ්‍රෙක්සිට් යෝජනාවට සහාය දෙමින් ඡුන්දය දීමට සූදානම් බවය. එසේ වුවහොත්, බ්‍රෙක්සිට් යෝජනාව සම්මත කර ගැනීමට අගමැතිනියට හැකි වනු ඇත. තමා අගමැති ධුරයට පත්වූයේ බ්‍රෙක්සිට් ගිවිසුම කි‍්‍රයාත්මක කිරීමට බවත්, එය අවසන් වූ පසු තමන් ගෙදර යෑමට පසුබට නොවන බවත් අගමැතිනිය අවධාරණය කර තිබේ.
ලන්ඩන් නුවරදීය (රොයිටර්ස්)

