බ්‍රෙක්සිට් යෝජනාවට තෙවැනි වරටත් විරෝධයක්



මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බ්‍රෙක්සිට්’ සම්බන්ධයෙන් වු ඊට අදාල යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර තෙවැනි වරටත් ඊට විරෝධයක් එල්ල විය.

344 ක් යෝජනාවට විරෝධය දක්වමින් ඡන්දය ප‍්‍රකාශ කළ අතර පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කළේ 286 ක් පමණි. මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුව තිබුණේ ඊයේ එනම් 29 වැනිදා ය.

බ්‍රෙක්සිට් යෝජනාව සම්මත කර ගැනීමට නොහැකි වූ බැවින්, අපේ‍්‍රල් 12 වැනිදා තෙක් කල් ගැනීමට මහා බි‍්‍රතාන්‍යයට හැකිවිය.

කෙසේ නමුත් අගමැතිනිය සකස් කළ යෝජනාව සම්මත කර ගැනීමට නොහැකි වී ඇති බැවින් මහා බි‍්‍රතාන්‍යය දැඩි අර්බුදයකට මුහුණ පා සිටී.

ලබන අපේ‍්‍රල් 10 වැනිදා, බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ප‍්‍රධානී ඩොනල්ඞ් ටස්ක්ගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක් පැවැත්වීමට නියමිත බවත්, ඊට සහභාගී වෙන්නැයි අගමැතිනී තෙරේසා මේ ට දැනුම් දී ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS