බ්‍රෙක්සිට් යෝජනාවට අනුමැතිය



බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් යෝජනාවට අනුමැතිය හිමිවී ඇතැයි පැවැසෙයි.

ඒ අනුව එම යෝජනාව යළි පාර්ලිමේන්තුවයට ඉදිරිපත් කිරීම සහ එය දෙවැනිවර කියැවීම ඉදිරියේ දී සිදුවනු ඇත. බ්‍රෙක්සිට් යනු මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමය. බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීම ජනවාරි 31 වැනිදාට පෙර සිදු කිරීමට නියමිතය.

පසුගිය දා පැවැති බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයෙන් අගමැති ජොන්සන් ප‍්‍රමුඛ කොන්සවටිව් පක්ෂය අති විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය.

ඒ අනුව, කිසිදු බාධාවකින් තොරව, බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට අගමැති ජොන්සන් සකස් කළ යෝජනාව පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට හැකිවනු ඇතැයි පැවැසෙයි.
බ්‍රෙක්සිට් යෝජනාවට පළමු අනුමැතිය හිමිවීම අගමැති ජොන්සන් ලැබූ ජයග‍්‍රහණයක් යැයි බි‍්‍රතාන්‍ය දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් යෝජනාවට අනුමැතිය හිමිවී ඇතැයි පැවැසෙයි.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS