බ්‍රිතාන්‍ය මැතිවරණය: කිසිදු පක්ෂයකට බහුතර බලයක් නෑ



බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ප්‍රතිපල මේ වනවිට නිකුත් වෙමින් පවතින අතර, අගමැතිනී තෙරේසා මේ ප්‍රමුඛ පාලක කොන්සවර්ටිව් පක්ෂයට බහුතර බලයක් හිමි නොවන බව පෙනී ගොස් ඇත.

කොන්සවර්ටිව් පක්ෂයට පමණක් නොව, ප්‍රධාන විපක්ෂය යන කම්කරු පක්ෂයට ද බහුතර බලයක් හිමි නොවනු ඇතැයි පැවැසෙයි. කම්කරු පක්ෂ නායකයා වන්නේ ජෙරමි කෝර්බින්ය.

කොන්සවර්ටිව් පක්ෂයට බහුතර බලයක් හිමිනොවුණහොත්, හවුල් රජයක් පිහිටුවීමට සිදුවනු ඇති අතර, එසේ වුවහොත් රට විශාල අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට මහා බ්‍රිතාන්‍යය තීරණය කර තිබේ. ඒ, පසුගිය වසරේ පැවැති ජනමත විමසුමෙන් පසුවය.

එම ඉවත්වීමේ ක්‍රියාවලිය ක්‍රමාණුකූලව ආරම්භ කිරීමට ජනතා කැමැත්ත විමසීමක් අගමැතිනී මේ මෙම මහ මැතිවරණය මගින් අපේක්ෂා කරන්නීය. කෙසේ නමුත් එය අපේක්ෂාව බිඳ වැටෙනු ඇතැයි නිකුත් කෙරෙන ඡන්ද ප්‍රතිපලවලින් පෙනී ගොස් තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS