බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවයි



ජූලි 4 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉඩ සලසා දෙමින්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරුණි. 

වසර 14 ක් තිස්සේ බ්‍රිතාන්‍යයේ බලයේ සිටින්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. පක්ෂ නායක රිෂී සුනාක් අග්‍රාමාත්‍ය ධුරය හොබවයි. 
අග්‍රාමාත්‍ය සුනාක් මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළේ, ඔහු සහ කොන්සවර්ටිව් පක්ෂය ජනතා අප්‍රසාදයට පත් වී ඇති අවස්ථාවකය. එහෙයින් විපක්ෂය වන කම්කරු පක්ෂයට මහ මැතිවරණය ජය ගැනීමට හැකිවනු ඇතැයි ද පැවැසෙයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන ගණන 650 කි. බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. විපක්ෂය වන කම්කරු පක්ෂයට නායකත්වය දෙන්නේ හිටපු නීතීඥවරයකු ද වන කිර් ස්ටැමර්ය. කම්කරු පක්ෂය මැතිරණය ජයග්‍රහණය කළහොත්, කීර් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා වනු ඇත.


RECOMMEND POSTS