බ්‍රිතාන්‍ය ගුරුවරියගේ ඝාතකයාට මරණ දඩුවම

ලෝරන් පැටර්සන් නැමති වයස අවුරුදු 24ක බ්‍රිතාන්‍ය ගුරුවරියක ඝාතනය කල කටාර් ජාතිකයෙකුට දෝහා අධිකරණය මගින් මරණ දඩුවම නියම කළේය.
බද්ර් හෂීම් කාමිස් අබ්දුල්ලා අල්-ජබර් නැමති කටාර් ජාතිකයා 2013 වර්ෂයේදි බ්‍රිතාන්‍ය ජාතික ගුරුවරියකට පිහියෙන් ඇන කාන්තාර ප්‍රදේශයකදි ඇගේ සිරුර ගිනි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරුදිකරු විය.
මරණ දණ්ඩනය නියම කරන අවස්ථාවේදි විනිසුරුවරයා ලෝරන් ඝාතනය සම්බන්ධයෙන් සියළු කරුණු ගෙන හැර දක්වද්දී ලෝරන්ගේ මව සහ ඇගේ පවුලේ සමාජිකයින් එකිනෙකා වැලඳ ගනිමින් හඩා වැටෙන්ට පටන් ගත් බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.
මෑත කාලයේ වැඩි අවධානයක් දිනා ගත් නඩුවක් ලෙස මෙය හැදින්විය හැකි අතර කටාර් රාජ්‍ය මරණ දණ්ඩනය අවසන් වරට ලබාදී ඇත්තේ 2003 වර්ෂයේදීය.
නියම කරන දිනයකදි කටාර් ජාතිකයාගේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන් ඔන්ලයින් ඇසුරිනි)

