බ්‍රිතාන්‍යයේ 55 වැනි අගමැති බොරිස් ජොන්සන්



බ්‍රිතාන්‍යයේ 55 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස බොරිස් ජොන්සන් ඊයේ (24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.

බ්‍රිතාන්‍යයේ අගමැති ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. මේ වනවිට බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය වන්නේ කොන්සවටිව් පක්ෂයයි.

කොන්සවටිව් පක්ෂය අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමෙන්, ජය ග්‍රහණය කළේ ජොන්සන්ය. ඒ අනුව, අගමැති ධුරය ඔහුට හිමිවිය.

55 හැවිරිදි බොරිස් ජොන්සන් දෙවරක් විවාහ වී දික්කසාද වූ තැනැත්තකු වන අතර ඔහුට දරු දැරියන් සිවු දෙනෙකි.

ලබන ඔක්තෝබර් 30 වැනිදාට පෙර බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය අවසන් කිරීමට තමන් අපේක්ෂා කරන බවත් විපක්ෂ නායක ජෙරමි කොර්බින්ගෙන් එල්ල වන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන බවත් බොරිස් ජොන්සන්  ඩවුනින් වීදියේ අගමැති නිල නිවස ඉදිරිපිට සිට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.

මෙම අවස්ථාවට බොරිස් ජොන්සන්ගේ පෙම්වතිය කැරී සීමොන්ඩ් ද පැමිණ පිරිස අතරේ සිටිනු මාධ්‍යවේදීන්​ගේ කැමරා කාචයේ සටහන් විය. ජොන්සන් සහ කැරී සීමොන්ඩ් දෙදෙනා නිතර දබර කර ගන්නා බව ද පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS