බ්‍රිතාන්‍යයේ මිලියන 20ක් ක්‍රියාශීලී නෑ



බ්‍රිතාන්‍ය වැසියන් මිලියන 20කට වැඩි පිරිසක් භෞතික වශයෙන් ක්‍රියාශීලී නොවන තත්ත්වයක පසුවන බව අනාවරණය වී තිබේ. 

බ්‍රිතාන්‍ය හදවත් පදනම නැමති ආයතනයක් සිදු කළ සමීක්ෂණයකට අනුව පෙන්වා දී ඇත්තේ කාන්තාවන් මිලියන 11.8ක්  පමණ ක්‍රියාශීලී නොවන මට්ටමේ ජිවිකාවක් පවත්වාගෙන  යන බවය. 

එය පිරිමීන්ට සාපේක්ෂව සියයට 36ක ඉහළයාමක් වේ. 

භෞතික වශයෙන් ක්‍රියාශීලී නොවීම හේතුවෙන් හදවත් රෝග ඇති වීමේ අවධානම ඉහළ යන බව එම ආයතනය පෙන්වා දෙයි. 

 

( තිළිණි ද සිල්වා )
ද ගාඩියන් ඇසුරෙනි...


RECOMMEND POSTS