බ්‍රිතාන්‍යයට පහර දෙන්න රුසියාව සැරැසෙයි

මහා බ්‍රිතාන්‍යයේ හමුදා ඉලක්කවලට පහර දීමට පසුබට නොවන බව රුසියාව තර්ජනය කර තිබේ.
රුසියාව මෙසේ මහා බ්‍රිතාන්‍යයට තර්ජනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්රමුඛ රජය, හමුදාව සහ බුද්ධි අංශ දිගින් දිගටම යුක්රේනයට සහාය පළ කිරීම හේතුවෙනි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් පසුගිය දා යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. ඇමෙරිකාව සේම, මහා බ්‍රිතාන්‍යය ද යුක්රේනයට මූල්‍ය ආධාර සහ අවි ආයුධ ලබා දෙයි.
ඊට අමතරව, රුසියන් හමුදා නිලධාරීන් උපදේශකයන් ලෙස යුක්රේන හමුදාවට සහාය ලබා දීමට යුක්රේනවට ගොස් සිටින බව ද රුසියාව චෝදනා නගයි.
රුසියානු රජය වෙනුවෙන්, මහා බ්‍රිතාන්‍යයේ හමුදා ස්ථාන ඉලක්ක කර ගනිමින් පහර දී මහා බ්‍රිතාන්‍යය අකර්මණ්‍යය කරන බවට තර්ජනය කළේ රුසියන් විදේශ අමත්‍යාංශ ප්‍රකාශිකා මරීයා සකරෝවාය.
මේ වනවිට රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ආපසු ගෙන්වාගත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් යළි යුක්රේනයේ කීව් අගනුවරට යැවීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ. මෙය ද රුසියාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.
(ඩේලිමේල්)

