බ්‍රසීල සෞඛ්‍ය ඇමැති ධුරයෙන් නෙරපයි



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය මැඬලීමට අපොහොසත් වූයේ යැයි චෝදනා කරමින් බ්‍රසීල සෞඛ්‍ය ඇමැති ලුවිස් හෙන්රීක් මැන්ඩෙටා එම ධුරයෙන් නෙරපා දැමීමට බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ කටයුතු කළේය.

පසුගිය සති කිහිපය පුරා ජනපතිවරයා සහ සෞඛ්‍ය ඇමැතිවරයා අතර මත ගැටුම් පැවැතුණු අතර, ජනපති බොල්සරානෝ ප්‍රසිද්ධියේ සෞඛ්‍ය ඇමැතිවරයාට දොස් කීවේය.

සෞඛ්‍ය ඇමැතිවරයා දිගින් දිගටම ජනතාවගෙන් ඉල්ලා සිටියේ සමාජීය දුරස්ථභාවය ඇති කර ගන්නා ලෙසය.

කෙසේ නමුත් ජනපති බොල්සරානෝ ඊට විරුද්ධව අදහස් දැක්වීය. ‘කොවිඞ් 19’ වයිරසය ව්‍යාප්තිය සුළුකොට තැකීමට ජනපති බොල්සරානෝ පියවර ගෙන ඇත.

බ්‍රසීලියාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS