බ්‍රසීල ගෝත්‍රිකයෝ අයිතිය ඉල්ලති



තම අයිතීන් සුරකින්නැයි බලකරමින්, බ්‍රසීලයේ ස්වදේශීය ගෝත්‍රික වැසියෝ 2,000 කට ආසන්න පිරිසක් බ්‍රසීලියා අගනුවරට පැමිණ විරෝධතාවක නියැලුණාහ.

තම ඉඩම්වල අයිතිය තමන්ට දෙන ලෙසත්, පොදු සේවා සඳහා ප්‍රවේශය ලබා දෙන ලෙසත් මෙම ගෝත්‍රික වැසියන්, බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ජාර් බොල්සරානෝ ජනපති සහ ඔහුගේ රජයෙන් ඉල්ලා සිටියේය.

ස්වදේශීය වැසියන්ගේ විරෝධතා රැලිය හේතුවෙන් බ්‍රසීලියා අගනුවර දෛනික කටයුතු අඩපණ විය. විරෝධතා රැලිය සාමකාමීව පැවැත්විණි. ගෝත්‍රික වැසියන් විරෝධතාවට සහභාගී වූයේ මුහුණු වර්ණ ගන්වා ගෙන, දුනු ඊතල ද අතැතිවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS