බ්‍රසීලයේ මරණ 50,000 පසු කරයි

ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බ්‍රසීලයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන මේ වනවිට 50,000 පසු කර ඇති බවත්, ආසාදිතයන් ගණන මිලියනය පසු කර ඇති බවත් වාර්තා වේ.
ලොව වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. බ්‍රසීලය සිටින්නේ දෙවැනි ස්ථානයේය. බ්‍රසීලයේ මේ අයුරින් ‘කොවිඞ් 19’ වසංගත තත්ත්වයක් ඇති වූයේ බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝගේ අදූරදර්ශී ක්‍රියා මාර්ග නිසා යැයි විපක්ෂයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවතී.
මේ සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපතිවරයාට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද චෝදනා එල්ල වී ඇත. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළාක් මෙන් තමන් ද බ්‍රසීලය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් කරන බවට ජනාධිපති බොල්සරානෝ තර්ජනය කර තිබේ.
මේ වනවිට ලොව පුරා ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන ලක්ෂ 85 පසු කර තිබේ. ලොව පුරා මරණ වාර්තා වන්නේ 4,55,000 ක් ලෙසිනි. ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 2,63,000 පසු කර ඇති අතර, මරණ වාර්තා වන්නේ 1,20,688 ක් ලෙසිනි.
සාඕපාවුලෝහිදීය (ඒ.එෆ්.පී.)

