බල්ගේරියා මාධ්‍යවේදිනිය මරලා

බල්ගේරියාවේ රූපවාහිනී මාධ්‍යවේදිනියක දූෂණය කර මරා දමා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
මරා දමා ඇත්තේ 30 හැවිරිදි වික්ටෝරියා මැරිනෝවා මාධ්‍යවේදිනියයි. දක්ෂ ගවේෂණාත්මක පුවත් වාර්තා කිරීමෙහිලා මැය ප්‍රකට තැනැත්තියකි.
මැරිනෝවාගේ සිරුර බල්ගේරියාවේ උතුරු දෙසින් පිහිටි රූසේ නමැති කුඩා නගරයේ උද්‍යානයකිනි.
හිසට සිදු කළ පහරදීමකින් මැරිනෝවා මියගොස් ඇති බව මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත.
මැරිනෝවාට මෙම අපරාධය සිදු කළ පුද්ගලයන් සොයා ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගත යුතු බව බල්ගේරියා අගමැති බොයිකෝ මැරිනෝව් පවසා ඇත.
(ඒ.එෆ්.පී.)

