බරම තරුණියගේ බර අඩුවෙලා

ලෝකයේ තරබාරුම කාන්තාව ලෙස නම් කර ඇති ඊජිප්තු ජාතික ඊමන් අබ්දුල්ලාටිගේ බර මාසයක් ඇතුලතදී කිලෝග්රෑමි 120කින් අඩුවී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
“අවුරුදු 36ක් වන ඊමාන්ගේ බර පසුගිය සති හතර ඇතුලත කිලෝ 80-100 අතර ප්‍රමාණයකින් අඩුවුනා“ ඇයට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍ය මුෆ්ෆාසල් ලඩ්කල්වාලා මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
ප්‍රතිකාර ලබාගැනීම සදහා පෙබරවාරි 10 දින ඊජිප්තු ගුවන් සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකින් ඊජිප්තුවේ සිට ඉන්දියාවේ මුම්බායි නගරය ගොස් ඇති බව වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කලේය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

