බයිඩන් දිනුම්



ඡන්ද ගණ හෙවත් ඡන්ද සමූහ 284ක ජය හිමි කරගනිමින් ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ජය ලැබීමට ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩන් සමත් විය.

කෙසේ නමුත් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය බාරගන්නා ආකාරයක් පෙනෙන්නට නැතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඇසෝසියේටඩ් ප්‍රෙස් හෙවත් ඒ.පී. පුවත් සේවය මෙලෙස ඇමෙරිකානු ජනාධිපතිවරයා ජයග්‍රාහකයා නම් කර ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණයට ලැබීමට නම් ඡන්ද ගණ හෙවත් ඡන්ද සමූහ 270ක බලය තහවුරු කරගත යුතු ය.

හිටපු උප ජනාධිපතිවරයකු වන ජෝ බයිඩන් ඡන්ද ගණ හෙවත් ඡන්ද සමූහ 284ක බලය හිමි කරගනිද්දි වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිකරගැනීමට හැකිව ඇත්තේ ඡන්ද ගණ 214ක් පමණි.

ඡන්ද ගණ (ඡන්ද සමූහ) ඉලෙක්ටෝරල් කොලේජ් යන ඉංග්‍රීස වචනයෙන් හැඳින්වේ.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS