බයිඩන්ගේ වළලුකර අස්ථියක් බිඳිලා

ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස තේරී පත් වී සිටින, ජෝ බයිඩනගේ වළලුකර අස්ථියක් බිඳී ගොස් ඇතැයි වාර්තා වේ.
බයිඩන් මෙසේ වළලුකර ආබාධයට ලක් වී ඇත්තේ බලු සුරතලුන් දෙදෙනාගෙන් එකකු සමඟ සෙල්ලම් කිරීමට යෑමේදී යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
78 හැවිරිදි බයිඩන්, විකලාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කෙරුණු බව පැවැසෙයි. එම අවස්ථාවේදී එක්ස් රේ සහ සීටී ස්කෑන් පරික්ෂණ සිදු කළ බවත් එහිදී වළලුකර අස්ථිය ඉතාමත් සියුම් ආකාරයට බිඳී ගොස් ඇති බවත් අනාවරණය වූ බවත් වාර්තා වේ.
“ඒක හිසකෙස් ගසක් තරම් පුංචි ඉරි තැලීමක්. ඒ ගැන බියක් ඇතිකරගන්න අවශ්‍ය නැහැ’ යැයි බයිඩන්ගේ පෞද්ගලික වෛද්‍ය කෙවින් ඕ කොනර් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වුණු බයිඩන්ට බලු සුරතලුන් දෙදෙනෙකු සිටි බව පැවැසෙයි. ජර්මන් ෂෙපර්ඞ් වර්ගයට අයත් මොවුන් දෙදෙනා ‘මේජර්’ සහ ‘චෑම්ප්’ ය. ඒ අනුව, ජනපතිවරයාගේ නිල සුරතලුන් ලෙස ධවල මන්දිරයට යනු ඇත්තේ මොවුන් දෙදෙනාය. බයිඩන්, ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරියේය.
පසුගිය නොවැම්බර් 3 වැනිදා පැවැත්වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීමට නොහැකි බව, ධුරයේ සිටින ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇති බැවින්, ජනාධිපතිවරයේ නිල ප්‍රතිඵලය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත. දැනට ලබා ඇති ඡන්ද අනුව, ජයග්‍රාහකයා ලෙස පිළිගෙන ඇත්තේ ජෝ බයිඩන්ය.
මේ අතර බයිඩන්ට සිදුවුණු අකරතැබ්බ සැලවූ සැණින්ල සිය ට්විටර් ගිණුම ඔස්සේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉක්මන් සුව පැතීමට ද අමතක නොකළේය.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී./රොයිටර්)

