බයිඩන්ගේ ජය තහවුරුයි

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිටත් අවසන් වී නොතිබුණු අතර, දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ පෙන්සිල්වේනියා සහ ජෝර්ජියා ජනපදය ජයග්‍රහණය කිරීමට සමත් වුවහොත් ප්‍රතිවාදී ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩන්ගේ ජය තහවුරු වනු ඇති බවය.
මේ වනවිට එම ජනපද දෙකෙන් ට්‍රම්ප් අභිබවා පැමිණ සිටින්නේ බයිඩන්ය. ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා යන ජනපදවල ඉතාමත් තියුණු සටනක් පැවැත්විණි.
ඩිමොක්රටික් අපෙක්ෂක ජෝ බයිඩන් බහුතර ඡන්ද මිලියන 70.5 ක් දිනා සිටියේ වාර්තාවක් ද පිහිටුවමිනි. ජනපති ට්‍රම්ප්ට හිමිව තිබුණු බහුතර ඡන්ද සංඛ්‍යාව මිලියන 67.2 කි. ඇමෙරිකාවේ ජනාධිපතිවරයා තෝරා ගැනෙන්නේ බහුතර ඡන්දයෙන් නොව, ඉලෙක්ට්‍රෝරල් කොලේජ් ඡන්ද එසේත් නැතිනම් ඡන්ද ගණවලිනි.
(රොයිටර්)

