බටහිර සම්බාධකවලට රුසියාවෙන් ප්‍රතිචාර



යුක්රේනය අක්‍රමණය කිරීමට හමුදා යැවීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට පැනැවූ සම්බ්ධක සම්බන්ධයෙන් රුසියන් ආරක්ෂක කවුසිල ප්‍රධානී දිමිත්‍රි මෙඩ්වදේව් ප්‍රතිචාර දක්වා ඇත.

දිමිත්‍රි මෙඩ්වදේව් යනු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම හිතවතෙකි. එක් අවස්ථාවක පුටින් රුසියාවේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරද්දී පුටින් වෙනුවෙන් ජනාධිපති ධුරයේ කටයුතු කළේ මෙඩ්වදේව් ය.

සම්බාධකවලට විරෝධය පළ කරමින් රුසියන් ආරක්ෂක කවුන්සිල ප්‍රධානී දිමිත්‍රි මෙඩ්වදේව් කියා සිටියේ රුසියාව සහ ඇමෙරිකාව අතර පවතින න්‍යෂ්ටික සහයෝගීතාවයෙන් රුසියාව ඉවත් වන බවත්, රුසියාව පෙරළා ඇමෙරිකා සහ බටහිර රටවලට සම්බාධක පනවා එම රටවල වත්කම් අත්හිටුවීමට පියවර ගන්නා බවත්ය.

(රොයිටර්)


RECOMMEND POSTS