බටහිර බෙංගාලය-කේරළ ඇසෑමය පුදුචෙරි ප්‍රතිඵල එයි



තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයට අමතරව, ඉන්දියාවේ තවත් ප්‍රාන්ත හතරක ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අද (4) සිදුවිය. බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණය පැවැත් වූයේ ආසන 294 ක් වෙනුවෙනි. බහුතරය සඳහා ආසන 148 ක් අවශ්‍ය විය.

ප්‍රාන්තයේ බලයේ සිටියේ මහ ඇමැතිනී මමතා බැනර්ජි ප්‍රමුඛ ඇගේ තෘණමූල කොංග්‍රස් පක්ෂයයි. කෙසේ නමුත්, විපක්ෂය වූ භාරතීය ජනතා පක්ෂය ආසන 192 ක් දිනා ගනිමින් විශිෂ්ට ජයක් වාර්තා කළේය. තෘණමූල කොංග්‍රස් පක්ෂයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 99 කි. පසුගිය 2021 මැතිවරණයේදී තෘණමූල කොංග්‍රස් පක්ෂය ආසන 214 ක් හිමිකරගෙන තිබුණි. එදා භාරතීය ජනතා පක්ෂය හිමිකරගත්තේ ආසන 77 ක් පමණි. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ හවුල් කරුවෙකි.

ආසන 126 ක් වෙනුවෙන් පැවැති ඇසෑම් ප්‍රාන්ත සභා මැතිවරණයෙන් බලයේ සිටි භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ට ජය හිමිවිය. ඔවුන් දිනූ ආසන සංඛ්‍යාව 99 කි. බහුචතරය සඳහා දිනා ගත යුතුව තිබුණු ආසන ගණන 64 කි. 

ආසන 30 කින් සමන්විත පුදුචෙරි ප්‍රාන්ත මැතිවරණයෙන් ඕල් ඉන්දියා එන්.ආර්. පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කළේය. ඒ ආසන 15 කට වඩා දිනා ගනිමිනි. දෙවැනි ස්ථානයට පත්වූයේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයයි. ඕල් ඉන්දියා එන්.ආර්. පක්ෂය, භාරතීය ජකතා පක්ෂය ද අයත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ හවුල් කරුවෙකි.

කේරළ ප්‍රාන්ත සභා මැතිවරණය පැවැත්වූයේ ආසන 140 ක් වෙනුවෙන් වන අතර, බහුතරය සඳහා ආසන 71 ක් දිනා ගැනීමට අවශ්‍ය විය. විපක්ෂය වූ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 83 ක් ජයග්‍රහණය කළේය. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ද ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ හවුල් කරුවෙකි. බලයේ සිටි වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට දිනා ගැනීමට හැකිවූයේ ආසන 42 ක් පමණි.


RECOMMEND POSTS