ප්‍රතිකර්මයක් සොයන්න පැය 24 පුරා වෙහෙසෙනවා

ලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසයට ප්‍රතිකර්මයක් සෙවීමේ අරමුණින්, වයිරසය කෘති‍්‍රමව නිපදවීමට සමත් වුණු ඕස්ටේ්රලියානු විද්‍යාඥයන් පවසා ඇත්තේ වයිරසට ප්‍රතිකර්මයක් සෙවීමට පැය 24 පුරා වෙහෙසන බවය.
රසායනාගාරයක් තුළ ඉතා ආරක්ෂිතව වයිරසය ප්‍රති නිර්මාණය කළේ ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර, ඩොහර්ටි වෛද්‍ය විද්‍යා ආයතනයේ වෛද්‍ය පර්යේෂකයන්ය. ඔවුන්ට නායකත්වය දෙන්නේ එම ආයතනයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරන වෛද්‍ය මයික් කැටොන් ය. වෛද්‍ය ජුලියන් ඩෲස් ද මෙම කටයුත්තට සම්බන්ධ වී සිටිති.
නව කොරෝනා වයිරසයට එරෙහි සටනේ දී මෙය ජයග්‍රහණය කරා තැබූ පළමු පියවර යැයි එම වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දුන්හ. මෙය වයිරසයට බෙහෙතක් හෝ එන්නතක් නිපදවීමේ පළමු පියවර යැයි පැවැසෙයි. වයිරසය කෘති‍්‍රම අයුරින් ප්‍රති නිර්මාණය කර ඇත්තේ එහි ජාන ව්‍යුහය හඳුනා ගැනීමෙන් පසුවය.
මෙල්බර්න්හිදීය (රොයිටර්)

