පොලිස් නිලධාරියාට වෙඩි තැබූ තැනත්තා අල්ලයි
මාර්ගයේ රථ වාහන හසුරුවමින් සිටි නවසීලන්ත පොලිස් නිලධාරියකු වෙඩි තබා මරා දැමූ තැනැත්තා අල්ලා ගැනීමට හැකිවුණු බව වාර්තා වේ.
මේ අයුරින් පොලිස් නිලධාරියකු නවසීලන්තයේ දී ඝාතනය වූයේ වසර 11 කට පසුවය. සිද්ධිය සැලවීමෙන් තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් පැවැසුවාය.
වෙඩි තැබීම කර ඇත්තේ 24 හැවිරිදි තරුණයෙකි. ඔහු අල්ලා ගැනීමට හැකි වී ඇත්තේ සිදු කළ පුළුල් පොලිස් මෙහෙයුමකින් පසුවය. මෙම තරුණයා කළ වෙඩි තැබීමෙන් තවත් පොලිස් නිලධාරියෙක් බරපතල තුවාල ලැබුවේය.
(රොයිටර්)

