පොලිස් නිලධාරියකු පැහැරගෙන ඝාතනය කරලා

සෞදි රථවාහන අංශයේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරියකු වනහෂිම් අල්-සහරානි පසුගිය දා පැහැරගෙන ගොස් මරා දමා ඇති අතර ඔහුගේ දේහය අල්-කටිෆ් ආණ්ඩුකාර ප්‍රදේශයේ තිබියදි හමුවී ඇති බව වාර්තා වේ.
පොලිස් නිලධාරියාගේ සිරුර මහලට් මෝබාෂ් ගම්මානයෙන් හමුවන අවස්ථාවේදි ශරීරය පුරා වෙඩි උණ්ඩ වැදීතිබූ බව නැගෙනහිර පළාත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, කර්නල් සියද් අල්-රකිටි ප්‍රකාශ කළේය.
මුහුණු ආවරණය කර ගෙන මැෂින් තුවක්කු රැගෙන පැමිණි ඝාතකයින් ෂිහාට් ප්‍රදේශයේ ගොවිපලකට පහර දී ඇති අතර පොලිස් නිලධාරියා සමඟ සිටි සෞදි ජාතිකයෙකු ඝාතනය කිරීමෙන් පසු ඔහුව රැගෙන ගොස් ඝාතනය කර ඇත.
පෙලීසිය ගොවිපලට පැමිණෙන විටත් පොලිස් නිලධාරියාගේ කාරයේ ඉන්ජිම ක්‍රියාත්මක වෙමින් තිබි ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔස්ලයින් ඇසුරිනි

