පොදු රාජ්‍ය මණ්ඩලයීය නියෝජ්‍ය අමාත්‍ය හමුවී

එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත වී සිටින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එරට පොදු රාජ්‍ය මණ්ඩලයීය සහ එක්සත් ජාතීන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය විම්බල්ඩන්හි තරීක් අහ්මද් සාමිවරයා මහතා හමුවිය.
ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර්හි තිබෙන විම්බල්ඩන්හි තරීක් අහ්මද් සාමිවරයාගේ කාර්යාලයේදී එම හමුව පැවැත්විණි.
එම හමුවේදී මානව හිමිකම්, ප්රතිසන්ධානය සහ සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳව මෙන්ම දෙරටට බලපාන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.
විම්බල්ඩන්හි තරීක් අහ්මද් සාමිවරයා බි්රතාන්ය අගමැතිනි තෙරේසා මේ මහත්මියගේ ප්රචණ්ඩත්කාරී තත්ත්වලදී ලිංගික ප්රචණ්ඩත්වය වැළැක්වීම, ආගමික හා විශ්වාස පිළිබඳ විශේෂ නියෝජිතවරයා ලෙස ද කටයුතු කරයි.
ලන්ඩන්හිදීය

