පේරු සැන්ටා ගිනි නිවන ට්‍රක් රියක නැගී තෑගි බෙදයි



නත්තල් සීයාට තෑගි බෙදීමට පිනිමුවන් හෝ හිම කරත්ත අවශ්‍ය නොවන බව පෙන්වමින්, නත්තල් සීයා කෙනකු ගිනි නිවන භටයන් සමඟ එක් වී තෑගි බෙදා දීමේ පුවතක් ලතින් ඇමෙරිකාවට අයත් පේරු රටින් වාර්තා වේ.

නත්තල් සීයා ඉනිමඟ ආධාරයෙන් තෑගි බෙදා දීම කළේ ලීමා නගරයේ මහල් නිවාස ගොඩනැගිලි සංකීර්ණයක ඉහළ මහලවල 'කොවිඩ් 19' ආසාදනය වී නිරෝධායනයට ලක් වෙමින් සිටින දරුවන්ටය.

'කොවිඩ් 19' ආසාදනය වී මහල් නිවාස තුළ කොටුවුණු දරුවන්ට තෑගි බෙදා දීමට පියවර ගැණුනේ නගර බලධාරීන්ගේ තීරණයකට අනුව, එම දරුවන්ගේ සිත් සතුටු කරමින් මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමටය. නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත් වීම ද සිදුවිය. නත්තල් සීයා මුහුණු ආවරණයක් පැලඳ සිටියේය.

(රොයිටර්)


RECOMMEND POSTS