පෘථිවිය චුට්ටක් ඇලවෙලා



පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.

කාලගුණික විපර්යාස පමණක් නොව, මිනිස් ක්‍රියාකාරකම් ද මෙම තත්ත්වය උත්සන්න කිරීමට හේතුවක් වී ඇතැයි පැවැසෙයි.

පමණ ඉක්මවා, පෘථිවියේ භූගත ජලය පොම්ප කිරීම, පෘථිවියේ භ්‍රමණය වෙනස් කිරීමට පමණක් නොව, මුහුදු මට්ටම ඉහළ යාමට ද හේතුවක් වී ඇතැයි පැවැසෙයි. මේ සම්බන්ධයෙන් අධ්‍යයන වාර්තාවක් Geophysical Research Letters සඟරාවේ පළ වෙයි.


RECOMMEND POSTS