පුලපුලා බලා සිටි ට්රම්ප් පුටින් හමුව

ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැත්වෙන ලොව ආර්ථික බලවතුන්ගේ හමුව හෙවත් ‘ජී 20’ සමුළුවේදී, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් සහ රුසියානු ජනාධිපති පළමු වරට මුහුණට මුහුණ හමුවී අතට අතට දුන්හ.
මෙය ලොව කවුරුත් පුල පුලා බලා සිටි අවස්ථාවක් ලෙස සැළකෙයි. ඉතා මිත්රශීලීව රාජ්ය නායකයෝ දෙදෙනා අතට අත දෙමින් වචන කිහිපයක් හුවමාරු කර ගත්හ.
ට්රම්ප් රුසියානු හිතවාදියකු බවටත්, ට්රම්ප් පසුගිය වසරේ ඇමෙරිකන් ජනපතිවරණයෙන් ජයග්රහණය කළේ රුසියාවේ සහාය ලැබූ නිසා බවටත් චෝදනා එල්ල වී ඇත. මෙම චෝදනා මුල්කොට ගනිමින් ඇමෙරිකන් ආරක්ෂක අංශ තවමත් පරීක්ෂණ සිදු කරයි.
ට්රම්ප්ට පෙර, ජනපති ධුරය හෙබවූ බැරැක් ඔබාමා, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ අමනාපකම් ඇතිකර ගත්තේය. ඒ, යුක්රේන අර්බුදය සහ සිරියානු අර්බුදය මුල්කොට ගනිමිනි. ‘ජී7’ ලෝක බලවතුනගේ සමුළුවෙන් රුසියාව ඉවත් කිරීමට පවා ඔබාමා පරිපාලනය මැදිහත් විය.
(ඬේලිමේල් ඇසුරිනි)

