පුරවැසි පනත හකුලා ගන්නේ නැහැ

ඉන්දීය රජයේ නව පුරවැසි පනතට විරෝධය දක්වන්නේ විපක්ෂ බලවේග පමණක් බවත්, විපක්ෂයේ විරෝධතා මැද කිසිම අවස්ථාවක එම පනත හකුලා නොගන්නා බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කර ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ පසුගිය දා භාරතීය ජනතා පක්ෂ හින්දු ජාතිකවාදීන්ගේ රැලියක් ඇමතූ අවස්ථාවේදීය.
නව පුරවැසි පනතට අනුව, අනවසර සංක්‍රමණිකයන් ලෙස ඇෆ්ගනිස්තානයෙන්, බංග්ලාදේශයෙන් සහ පාකිස්තානයෙන් ඉන්දියාවට පැමිණ පදිංචි වී සිටින මුස්ලිම් වැසියන්ට පුරවැසිභාවය හිමි නොවෙයි. එම මුස්ලිම් වැසියන් ආපසු ඔවුන්ගේ මවු රට වෙත පිටුවහල් කිරීම ද සිදුවනු ඇත.
නව පුරවැසි පනතට එරෙහිව ඉන්දියාවේ ප්‍රධාන නගරවල විරෝධතා රැළි පැවැත්වෙයි. ඉන්දීය ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම්වලින් මේ වනවිට විරෝධතාකරුවන් හය දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)

