පුරවැසි පනතට රාහුල් - ප්‍රියංකා විරුද්ධයි
ආන්දෝලනයට හේතුවක් වූ පුරවැසි පනතට ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නායකයකු වන රාහුල් ගාන්ධි සහ ඔහුගේ සොහොයුරිය මෙන්ම කොංග්‍රස් පක්ෂයේ මහ ලේකම්වරිය ද වන ප්‍රියංකා ගාන්ධි ද එක් වී සිටින බව වාර්තා වේ.
ප්‍රියංකා ගාන්ධි නවදිල්ලියේ ඉන්දියා ගේට් ස්මාරකය අසල විරෝධතා දැක්වූ විරෝධතාකරුවන් අතරේ අසුන් ගෙන සිටිනු දකින්න ලැබුණි. ප්‍රියංකාගේ දියණිය මිර්යා ද විරෝධතාවට එක් වී සිටියාය. රාහුල් ගාන්ධි හෙට දිිනයේ (23) විරෝධතා රැලි කීපයකට එක් වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පොලිස් අණ නොතකා දිල්ලියේ ඉන්දියා ගේට් ස්මාරකය අසලට විශ්ව විද්‍යාල සිසු සිසුවියෝ රෑඳී සිටිති. පොලිසිය ඔවුන් විසුරුවා හැරීමට බැටන් ප්‍රහාර එල්ල කරන බව ද පැවැසෙයි.
නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)

