පුටින් රුසියන් න්‍යෂ්ටික බලකාය සීරුවෙන් තබයි

රුසියානු න්‍යෂ්ටික බලකාය සීරුවෙන් තැබීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උපදෙස් දී ඇත. ඒ අනුව, රුසියානු යුක්රේන යුද්ධය න්‍යෂ්ටික යුද්ධයකට පරිවර්තනය වීමේත්, එය තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග යෑමේත් අවදානමක් හට ගැණුනි.
ලොව විශාලතම න්‍යෂ්ටික අවි ඇත්තේ රුසියාව සතුව යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් බටහිර රටවල් එක් වී, රුසියාවට සම්බාධක පනවමින් දැඩි ක්‍රියා මාර්ග ගන්නා බැවින් ඕනෑම අවස්ථාවකට සූදානමින් සිටිය යුතු යැයි න්‍යෂ්ටික බලකාය සීරුවෙන් තබමින් රුසියන් ජනාධිපති පුටින් සිය ආරක්ෂක ප්‍රධානීන්ට පැහැදිලි කර තිබේ.
රුසියා යුක්රේන හමුදා සමඟ සටන් වදින්නේත්, කියේව් අගනුවරට පහර දීම සිදු කරන්නේ සාම්ප්‍රදායික අවි ආයුධ යොදා ගනිමිනි.
(රොයිටර්)

