පුටින් යළි විවාහ වෙන්න සැරැසෙයි

යළි විවාහ වෙන්න තමාගේ අදහසක් ඇතැයි රුසියා ජනාධිපති 66 හැවිරිදි ව්ලැදිමීර් පුටින් පවසා ඇත.
විවාහවීමේ අදහසක් ඇති බව පැවැසුවත්, තමා විවාහ වන්නේ කවුරුන් සමඟදැයි රුසියා ජනාධිපතිවරයා පවසා නැත. පුටින් මේ බව පවසා ඇත්තේ වාර්ෂික මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
වැදගත් පුරවැසියකු ලෙස තමන් මෙම තීරරණය ගත්තේ යැයි ද ජනාධිපතිවරයා වැඩි දුරටත් එම අවස්ථාවේදී කියා සිටියේය.
පුටින් 1983 වසරේ සිට 2013 තෙක් කාලය පුරා විවාහ වී සිටියේය. පුටින්ගේ බිරිඳ වූයේ ලියුද්මිලා පුටීනා ය. 2013 දී දෙදෙනා දික්කසාද විය. පුටින්ට, කැතෙරිනා සහ මරියා යනුවෙන් 30 හැවිරිදි වියෙහි පසුවන දියණියෝ දෙදෙනෙකි.
2013 වසරේ දී ලියුද්මිලාගෙන් වෙන් වීමෙන් පසු පුටින්, රුසියානු ඔලිම්පික් ජිම්නාස්ටික් ශූරියක වන ඇලීනා කබේවා සමඟ සම්බන්ධයක් පැවැත්වූ බව එක් පුවත්පතක් මීට වසර කීපයකට පෙර වාර්තා කර තිබුණි.
(ඒ.එෆ්.පී.)

