පුටින් පාකිස්තාන අගමැති අමතයි

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ ලිපි හුවමාරුවක් සිදු වී ඇත.
රුසියන් ජනාධිපති පුටින්, පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ට ලිපිය යවා ඇත්තේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වීම සම්බන්ධයෙන් සුබ පතමිනි.
පාකිස්තානය සමඟ දිගටම සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බව රුසියන් ජනාධිපති පුටින් ෂෙහ්බාස් ෂරීෆ්ට දන්වා තිබේ. රුසියාවත් පාකිස්තානයත් අතරේ ද්වීපාර්ශ්වීක සබඳතා ශන්තිමත් කර ගැනීමට තමන් බලාපොරොත්තු වෙනවා යැයි ද පුටින් යැවූ ලිපියේ සඳහන් වෙයි.
පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෂෙහ්බාස් ෂරීෆ් ඊට පිළිතුරු දෙමින් ලිපියක් යවා ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)

