පුටින් තහංචි ලිහිල් කරයි

රුසියාවේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ අඩුවක් දකින්න නොලැබුණත්, පනවා ඇති ලොක්ඩවුන් තහංචි ලිහිල් කරමින් රට යළි යථා තත්ත්වයට පත් කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගත්තේය.
ව්‍යාපාර කටයුතු යළි ආරම්භ කරමින් රටේ ආර්ථිකය යළි ගොඩනැගීම අරමුණ කර ගනිමින් මෙසේ රට විවෘත කරන බව ජාතිය අමතමින් රුසියන් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් රුසියාවේ දෛනික කටයුතු මාස දෙකකට ආසන්න කාලයක් ඇණහිට තිබුණි.
ලොව ‘කොවිඞ් 19’ ආසාදිතයන් වැඩිම රටවල් අතරින් තෙවැනි ස්ථානයේ පසුවන්නේ රුසියාවය. ගතවුණු පැය 24 ඇතුළත 11,656ක් ආසාදිතයන් හමුවුණු බව වාර්තා විය. ඒ අනුව, රුසියාවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,21,344 කි. වයිරසය හේතුවෙන් රුසියාවේ මියගිය ගණන 2,009 කි.
මොස්කව්හිදීය (රොයිටර්)

