පුටින් ගින්දර එක්ක සෙල්ලම් කරනවා - ට්‍රම්ප්
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ‘ගින්දර සමඟ සෙල්ලම් කරනවා’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.
සාමයට කැමැති බවත්, සටන් විරාමයකට සූදානම් බවත් රුසියන් ජනාධිපතිවරයා තමා සමඟ දිගින් දිගටම පැවැසුවත්, ඔහු තවමත් සටන් විරාමයකට යෑම නොකරන බවට ඇමෙරිකන් ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත. ට්‍රම්ප් මෙසේ පැහැදිලි කළේ ඔහුගේ ටෲත් සෝෂල් සමාජ ගිණුම ඔස්සේය.
‘රුසියන් ජනාධිපතිවරයා ගින්දර එක්ක සෙල්ලම් කරනවා. රුසියන් යුක්රේන යුද්ධය විසඳන්න මම මැදිහත් වී සිටීම ගැන ඔහු සතුටු විය යුතුයි. ඒත් ඔහු එහෙම නැහැ. ඔහුට ඒ ගැන තැකීමක් නැති බව පෙනෙනවා. මම නොහිටියා නම්, මේ වනවිට රුසියාව ලොකු අර්බුද රැසකට මුහුණ දීලා.’ යැයි ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පෙන්වා දී ඇත.
වසර තුනක් තිස්සේ දිග්ගැස්සෙන රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මැදිහත් වී සිටින්නේ ඔහු ඉකුත් ජනවාරියේ ජනාධිපති ධුරයට පත්වූ දා සිටය. ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපතිවරයා අතරේ ද පසුගිය දා පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් දුරකතන සංවාදයක් පැවැත්විණි.
එහිදී ද පුටින්, ට්‍රම්ප්ට කීවේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවීමට කැමැති බවත්, සාම වැඩපිළිවෙළකට යෑමට සූදානම් බවත්ය. කෙසේ නමුත් එවැන්නක් තවමත් සිදුවී නැත.
පසුගිය සති අන්තයේ රුසියන් හමුදාව, යුක්රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. රුසියාව යුක්ර්නයට එල්ල කළ දරුණුතම ප්‍රහාරය ලෙස එය විය.
එම ප්‍රහාරවෙන් පසු ට්‍රම්ප්, සිය සමාජ මාධ්‍ය ඔස්සේ රුසියන් ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කළේය. ‘පුටින් උම්මත්තකයකු’ යැයි ද ට්‍රම්ප් චෝදනා නැගුවේය.