පිහි ප්රහාරයකින් ජපානයේ 2 ක් මරුට

ජපානයේ කවසාකී නුවර අද (28) සිදුවුණු පිහි ප්රහාරයකින්, දෙදෙනකු ජීවිතක්ෂයට පත් වුණු අතර තුවාල ලැබූ 17 දෙනකු රෝහල් ගත කෙරුණි.
කවසාකී යනු ජපානයේ ප්රචණ්ඩ ක්රියා අඩුම නගරය ලෙස සැලකෙයි. පිහි ප්රහාරය එල්ල කළ පුද්ගලයා ගැන මෙතෙක් තොරතුරු වාර්තා වී නැත. කෙසේ නමුත් ඔහු අවසානයේ පිහියෙන් ඇන ගනිමින් දිවි නසා ගත් බව පැවැසෙයි.
පිහි ප්රහාරයට ලක් වීමෙන්, මියගිය දෙදෙනාගෙන් එක් අයකු පාසල් දැරියකි. පිහි ප්රහාරය එල්ල කර ඇත්තේ පාසලක් ඉදිරිපිටය. තුවාල ලැබූ වැඩිදෙනා ද පාසල් දරු දැරියන් යැයි පැවැසෙයි. මෙම පුද්ගලයා මෙසේ පිහි ප්රහාරය එල්ල කළේ ඇයිදැයි යන්න තහවුරු වී නැති බවත්, පොලිස් පරීක්ෂණ දිගටම සිදුවන බවත් වාර්තා වේ.
ප්රහාරය එල්ල වූයේ සිවුදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් ටෝකියෝ නුවරට පැමිණ සිටින අවස්ථාවකදීය. ඊයේ ඇමෙරිකා ජනාධිපතිවරයාත් බිරිඳ මෙලානියාත්, ජපානයේ රඳවා සිටින ඇමෙරිකන් සොල්ලාදුවන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසා බැලූහ. පිහි ප්රහාරය ගැන සැලවුණු සැණින්, ඒ ගැන සොව පළ කිරීමට ද ජනපති ට්රම්ප් අමතක නොකළේය.
ටෝකියෝහිදීය (එන්.ඩී.ටීවී.)

