පිහි ඇනුම්වලින් සිවු දෙනෙක් මරුට
ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ නගර දෙකක සිදුවුණු පිහි ප්‍රහාරවලින් පුද්ගලයන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වී, තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ.
පිහි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අවුරුදු 33 ක් වයසැති සැකරි කැස්ටෙන්ඩියා නමැත්තාය. පොලිසිය වහා ක්‍රියාත්මක වී, කැස්ටෙන්ඩියා ජීවග්රහයෙන් අල්ලා ගත්තේ කැලිෆෝනියාවේ සැන්ටා ඇනා නුවර, ‘7 ඉලෙවන්’ නමැති වෙළෙඳසැල ඉදිරිපිට කලහකාරීව හැසිරෙද්දී යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ. එම අවස්ථාවේ, වෙළෙඳසැලේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරියාට කැස්ටෙන්ඩියා පිහියෙන් ඇන තුවාල කර ඔහුගේ ගිනිඅවිය උදුරාගෙන තිබුණි.
පිහි ඇනුම් ප්‍රහාර ආරම්භ වී ඇත්තේ සැන්ටා ඇනා නුවරට ඔබ්බෙන් ගාඞ්න් ග්‍රෝව් හි පිහිටි මහල් නිවාසයකිනි. කැස්ටෙන්ඩියාගේ නවාතැන පිහිටා ඇත්තේ ද මෙම මහල් නිවාසයේය. කැස්ටෙන්ඩියා සිදු කළ පිහි ප්‍රහාරවලින් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණි.
පොලිසිය පවසන්නේ, කැස්ටෙන්ඩියා මානසික අසහනකාරී තරුණයකු බවය. පිහි ප්‍රහාරය සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ පවත්වන බව පොලිසිය වැඩි දුරටත් පවසා ඇත.
ලොස් ඇන්ජලීස්හිදීය (රොයිටර්ස්)

