පිහියක් අරන් යකා නටලා



මෝටර් රථයක් ගිනි තබා, කලහකාරීව හැසිරෙමින් තිදෙනකුට පිහියකින් ඇන පහර දුන් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා කලහ කරන්න වූයේ මෙල්බර්න් නුවර කාර්ය බහුල වීදියකය. කලහ කරන්න වූ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩි තබමිනි. ඔහුගේ තත්ත්වය බරපතල බව ද පැවැසෙයි.

පිහි ප්‍රහාරයට ලක් වීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය.

තුවාල ලැබූ තවත් තිදෙනකු රෝහල් ගත කිරීමට පොලිසිය කටයුතු කළේය. එය ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි යැයි තමන් අනුමාන කරන බව වික්ටෝරියා පොලිසිය වැඩි දුරටත් කියා සිටී.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS