පිලිපීන මහ මැතිවරණය හෙට



පිලිපීන මධ්‍යවාර මහ මැතිවරණය හෙට  (12) පැවැත්වෙයි. මෙය පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස්ගේ ජනප්‍රියත්වය උරගා බැලීමක් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

රොඞ්රිගෝ පිලිපීනයේ ජනාධිපති ධුරයට පත් වූයේ 2016 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගනිමිනි. කිසිදු තනි දේශපාලන අපේක්ෂකයකුගෙන් ඩුටරේට්ස්ට අභියෝගයක් එල්ලවීමේ අවදානමක් නැති බව පැවැසෙයි.

කෙසේ නමුත් මවර මැතිවරණයට විපක්ෂ දේශපාලනය තරග වදින්නේ සන්ධානගත වෙමිනි. එය ඩුටරේට්ස් සහ ඔහුගේ ‘පීඩීපී ලබාන්’ පක්ෂයට අභියෝගයක් වනු ඇති බව ඉන්දුනීසියානු දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

හෙට දිනයේ මැතිවරණය පැවැත්වෙන්නේ සෙනට් මණ්ඩලයේ ආසන 12 වෙනුවෙන් සහ නියෝජිත මන්ත්‍රී මණ්ලයේ ආසන වෙනුවෙනි. ඊට අමතරව පළාත් සභා වෙනුවෙන් ද නියෝජිතයන් පත් කර ගැනීම සිදුවනු ඇති බව පැවැසෙයි.

මැනිලාහිදීය (එන්.ඩී.ටීවී)

 


RECOMMEND POSTS